Thursday 30th of April 2026

English Tamil
Advertiesment


සෙවනගල හීනෙකින්වත් වහන්නේ නෑ - හඳුන්නෙත්ති


2025-06-02 14857

 

බොරු කියලා රටම ගිනි තිබ්බේ CEO විදිහට වැඩ කරපු නුවන් ධර්මරත්න..!

 

මම එයාව ගෙදර යැව්වා..!

 

ඇතුළෙ ගහපු ගේම් ගොඩක් හඳුන්නෙත්ති මාධ්‍යයට හෙළිකරයි..!

 

ලංකා සීනි සමාගමේ සෙවණගල කර්මාන්තශාලාව වැසී යාමට කිසිදු විටෙක ඉඩ නොදෙන බව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරනවා. 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සීනි කර්මාන්තයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 

සෙවණගල සීනි කර්මාන්තශාලාව ආශ්‍රිතව අක්කර 25,000කට අධික ප්‍රමාණයක උක් වගා කරන අතර, අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සීනී කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව පසුගියදා ගොවීන් චෝදනා කළා.  සෙවණගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිෂ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩ ගසා ඇති බවත් ගොවීන් ප්‍රකාශ කළා. මාර්ගය දෙපස උක් ප්‍රවාහනය කරන වාහන නවතා දමා තිබෙන අයුරු ද ඒ දිනවල දක්නට ලැබුණා. 

එවන් පසුබිමක, ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විෂයභාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ, සෙවණගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ කිසිදු අවදානමක් නොමැති බවයි.

Advertiesment